(හැටන් රංජිත් රාජපක්ෂ)
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසට එල්ල වු බඹර ප්‍රහාරයෙන් තුවාල වූ වතු කම්කරුවන් 8 දෙනෙකු දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව හැටන් පොලිසිය පැවසීය.
හැටන් පොලිස් වසමට අයත් දික්ඔය වනාජා වත්තේ තේ පඳුරක් මත බැඳ තිබූ බඹර කූඩුවක් එකවරම ඇවිස්සී තමන් පහර දුන් බව ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගතව සිටින වතු කම්කරුවෝ පැවසූහ.
මෙම බඹර ප්‍රහාරයෙන් වතු කම්කරු කාන්තාවන් 7 දෙනෙකුට සහ වතු කම්කරුවෙකුට බඹර ප්‍රහාරය එල්ල වි ඇත.
ප්‍රහාරයෙන් තුවාල ලැබු එක් කාන්තාවකගේ තත්වය බරපතල බව දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරු කියති.
බඹර ප්‍රහාරය සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.