(රංජිත් රාජපක්ෂ )
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් 10 දෙනෙක් ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව ලිදුල පොලිසිය පැවසිය.
ලිදුල පොලිස් වසමට අයත් මට්ටකැලේ තේ වත්තේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකටයි අද (22) දින දහවල් 12 ට පමණ මෙම බඹර ප්‍රහාරය එල්ල වි තිබේ.
තේ වත්තේ ගසක් මත බැද තිබු බඹර කුඩුවක බඹර වදය කඩා ගැනිමට උකුස්සෙකු පහර දිම නිසා බඹරුන් ඇවිස්සි තමන්ට පහර දුන් බව බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරු කාන්තාවන් කියා සිටියේ.
බඹර ප්‍රහාරය සම්බන්ධයෙන් ලිදුල පොලිසිය පරික්ෂණ පවත්වයි..

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd