රංජිත් රාජපක්ෂ
බිමත්ව පුද්ගලයින් දෙදෙනෙක් අතර ඇති වු ගැටමකින් එක් අයෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බව බලංගොඩ පින්නවල පොලිසිය පැවසිය.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ බලංගොඩ පින්නවල මාරතැන්න ප්‍රදේශයේ පදිංචි වේලුකුමාර් (43) සිව්දරු පියෙකි.
එකම වතු නිවාස පේලියක පදිංචිව සිටි මරණකරු සහ සැකකරු (06) දින පස්වරුවේ සිටම බිමත්ව සිටි බවත්, පසුව දෙදෙනා අතර ඇති වු බහින් බස් විමක් දුර දිග යාමෙන් රාත්‍රි 7 ට පමණ සැකකරු විසින් මරණකරුට උල් ආයුධයකින් ඇන තිබේ.
සිද්ධියෙන් බරපතල ලෙස තුවාල ලබා සිටි වේලුකුමාර් යන අය මාරතැන්න රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු ජිවිතක්ෂයට පත් වි ඇති බව පින්නවල පොලිසිය පවසයි.
ඝාතනය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණය බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් ටි.එම්.චන්ද්‍රෙස්කර මහතා විසින් අද (07) දින පැවැත්විණි.
එහි දි මහෙස්ත්‍රාත්වරයා පින්නවල පොලිසියට නියෝග කලේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා බලංගොඩ මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසයි.
ඝාතනයට සම්බන්ධ සැකකරු පින්නවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බීමත් පුද්ගලයින් දෙදෙනෙකු අතර ගැටුමකින් අයෙක් මරුට