(ඩී.ජී.සුගතපාල)
ගාල්ල බන්ධනාගාරයේ සිටි රැඳවියකුට කලිසමක වාටියේ සඟවා හෙරොයින් ලබාදීමට තැත්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කළ සැකකාර මව 30 වන දින දක්වා බන්ධනාගාර ගතකිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(17) නියෝග කළේය.
මෙසේ බන්ධනාගාර ගත කරනු ලැබුවේ තෙල්වත්ත මැටිවල ප්‍රදේශයේ පදිංචි හල්බඩ ආරච්චි රෝහිණි නමැති 52 හැවිරිදි මවකි.
අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් බන්ධනාගාර ගත කර සිටින තම පුතාට ලබාදීම සඳහා ඇය ඊයේ(16) කලිසමක් ගෙනැවිත් ඇති අතර බන්ධනාගාර අධිකාරි සේනක පල්ලෙවත්ත මහතාගේ උපදෙස් පරිදි බන්ධනාගාර නියාමක නිමල් වඩුගේ මහතා විසින් එය පරීක්ෂා කිරීමේදී පළලට මැසූ එහි වාටියේ සඟවා තිබූ හෙරොයින් සොයා ගෙන ඇත.
පසුව ඇය අත්අඩංගුවට ගෙන අධිකරණමය කටයුතු සඳහා පොලිසියට බාරදෙන ලදී. පොලිසිය විසින් කලිසමේ වාටියේ සඟවා තිබු හෙරොයින් කිරා බැලිමේදි එම ප්‍රමාණය ග්‍රෑම් 6 මිලිග්‍රෑම් 550ක් බවට තහවුරු කරගෙන ඇත.
ගාල්ල පොලිසියේ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක මල්ශ මුද්යාත් සැරයන්වරුන්වන අබේතුංග(43504)තුෂාර(3391)කාන්තා කොස්තාපල් ශ්‍රියාණි(1254) යන මහත්ම මහත්මින් විසින් විසින් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
2025 දෙසැම්බර් මස 18
638
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බන්ධනාගාරයට හෙරොයින් ගෙන ගිය මව රිමාන්ඩ්