IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බදුල්ල මහ නගර සභාවේ අයවැය එක් ඡන්දයකින් පරාදයි

(ප්‍රසන්න පත්මසිරි)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමිව තිබෙන බදුල්ල මහ නගර සභාවේ 2020 අයවැය ලේඛනය වැඩි ඡන්ද එකකින් අද (16) පරාජයට පත්විය.

මහ නගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා අද  2020 අය වැය ලේඛනය සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු පැවති ඡන්දයේදී විපක්ෂව ඡන්ද 13 ක් හා පක්ෂව ඡන්ද 12ක් ප්‍රකාශ කළහ.

ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හත්දෙනා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනා පමණක් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර අයවැයට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දසදෙනා  සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනා ඡන්දය ප්‍රකාශ කළහ.

බදුල්ල මහ නගර සභාවේ මන්ත්‍රිවරුන් 25 දෙනෙකු නියෝජනය කරන අතර අයවැයට සියලුම දෙනා පැමිණ සිටියහ.

ජන්ද විමසිමෙන් අනතුරුව නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා කියා සිටියේ පසු දිනක තවත් වරක් ඡන්දයක් පවත්වන බවයි.

 



අදහස් (0)

බදුල්ල මහ නගර සභාවේ අයවැය එක් ඡන්දයකින් පරාදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 112 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site