(ප්‍රසන්න පත්මසිරි)
බදුල්ල ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 500ක් පමණ දෙනාට මාස දෙකක් මාසික වැටුප නොලැබීම නිසා අද (14) දිස්ත්‍රික් කම්කරු කාර්යාලයට කඩා වැදී තම ගැටලුවලට විසදුම් දෙන තෙක් එහි නිලධාරීන් නිවාස අඩස්සියට ගෙන විරෝධතාවයක නිරතව සිටින බව පොලීසිය කියයි.
අගලුම් සේවක සේවිකාවන්ට එම කර්මාන්ත ශාලාවේ පරිපාලනය විසින් දිගින් දිගටම සිදුකරන අකටයුතුකම් සහ මාසික වැටුප නොදීම යන කරුණ හේතුවෙන් කම්කරු කාර්යාලයට කිහිපවතාවක්ම පැමිණිළි ඉදිරිපත් කළත් කම්කරු නිලධාරීන් තමනට කිසිදු සහනයක් නොදීම නිසා කාර්යාලයට කඩා වැදී උද්ඝෝෂණයක නිරත වු බව ඇගලුම් සේවක සේවිකාවෝ කියති.
කාර්යාලය තුළට කඩාවැදුන ඇගලුම් සේවක සේවිකාවන් කෑකෝගසමින් හු කියමින් නොසන්සුන් අයුරින් ඉහැසිරෙද්දී කාර්යාලයේ සේවය කරන සේසු නිලධාරීන් අසුන්වලින් ඉවත්ව කුඩාකාමරයකට ගොස් සිටින අයුරු දක්නට ලැබිණ.
බදුල්ල දිස්ත්‍රික් කම්කරු නිළධාරී අරවින්ද පතිරණ මහතා කාමරයකට දමා දොර වසා තිබේ. කම්කරු නිලධාරී අරවින්ද පතිරණ මහතාගෙන් විමසුවිට කියා සිටියේ ඇගලුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් ඉදිරිපත් කර තිබෙන පැමිණිලි සියල්ලම එම ඇගලුම් කර්මාන්ත ශාලාවේ අදාළ බලධාරීන්ට ඉදිරිපත් කර තිබෙන බවයි.
බලාධාරීන් ජනවාරි මාසයේ වැටුප් දැමීමත් සමග පිරිස විසිර ගියහ.





2025 දෙසැම්බර් මස 04
154
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
365
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බදුල්ලේ ඇගලුම් සේවක සේවිකාවෝ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයට කඩා වදිති