IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


බුද්ධංගලදී සිඳුවූ අනතුරකින් (60) හැවරදි කාන්තාවක් මරුට

බී.ජී. චතුරංග
 
ශ්‍රී පාදස්ථානය වැදපුදා ගැනීම සඳහා ගොස් නැවතත් වැලිඔය ප්‍රදේශයට ගමන්කළ වෑන් රථයක් පදවිය බුද්ධංගල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටී සිදුවූ මාරක රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී, හිමිනමක් ඇතුළු නම දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව පදවිය පොලිසිය  පවසයි. 

 
පදවිය පොලිස් වසමේ බුද්ධංගල හතරේ කණුව ආසන්නයේදී සිදුවූ මාරක රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ (60) හැවරදි කාන්තාවකි. 
 
අද  (19) අළුයම සිදුවූ අනතුරෙන් බරපතල තුවාල ලැබුවන් ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත්කර තිබේ.වැලිඔය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් මෙහෙනින් වහන්සේලා දෙනමක් ඇතුළු 17 දෙනෙකු අනතුරට ලක්වූ වෑන් රථයේ ගමන්කර තිබෙන බව පදවිය පොලිසිය පවසයි.
 
රියදුරාට නින්දයාම හේතුවෙන් රථය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කනුවේ ගැටී අනතුර සිදුවී ඇති බවත් පොලිසිය පවසයි. 
 
අනතුරෙන් රථයේ ඉදිරිපස ගමන්කළ හිමිනමගේ පාද දෙකෙහිම අස්ථිබිදි බරපතල තුවාල ලබා සිටින බවත් රියදුරාද අනතුරෙන් බරපතල තුවාල ලබා ඇති බවත් පොලිසිය පවසයි.
 
මෙහෙනින් වහන්සේලා දෙදෙනෙකු ඇතුළු කාන්තාවන් හත්දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර අනතුර හේතුවෙන් වෑන් රථයට බරපතල අලාභ හානී සිදුව ඇති අතර පදවිය පොලිසිය අනතුර සම්බන්ධයෙන් පරික්ෂන සිදුකරයි.    බුද්ධංගලදී  සිඳුවූ අනතුරකින් (60) හැවරදි කාන්තාවක් මරුට
 
බී.ජී. චතුරංග
 
ශ්‍රී පාදස්ථානය වැදපුදා ගැනීම සඳහා ගොස් නැවතත් වැලිඔය ප්‍රදේශයට ගමන්කළ වෑන් රථයක් පදවිය බුද්ධංගල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටී සිදුවූ මාරක රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී, හිමිනමක් ඇතුළු නම දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව පදවිය පොලිසිය  පවසයි. 
 
පදවිය පොලිස් වසමේ බුද්ධංගල හතරේ කණුව ආසන්නයේදී සිදුවූ මාරක රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ (60) හැවරදි කාන්තාවකි. 
 
අද  (19) අළුයම සිදුවූ අනතුරෙන් බරපතල තුවාල ලැබුවන් ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත්කර තිබේ.වැලිඔය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් මෙහෙනින් වහන්සේලා දෙනමක් ඇතුළු 17 දෙනෙකු අනතුරට ලක්වූ වෑන් රථයේ ගමන්කර තිබෙන බව පදවිය පොලිසිය පවසයි.
 
රියදුරාට නින්දයාම හේතුවෙන් රථය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කනුවේ ගැටී අනතුර සිදුවී ඇති බවත් පොලිසිය පවසයි. 
 
අනතුරෙන් රථයේ ඉදිරිපස ගමන්කළ හිමිනමගේ පාද දෙකෙහිම අස්ථිබිදි බරපතල තුවාල ලබා සිටින බවත් රියදුරාද අනතුරෙන් බරපතල තුවාල ලබා ඇති බවත් පොලිසිය පවසයි.
 
මෙහෙනින් වහන්සේලා දෙදෙනෙකු ඇතුළු කාන්තාවන් හත්දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර අනතුර හේතුවෙන් වෑන් රථයට බරපතල අලාභ හානී සිදුව ඇති අතර පදවිය පොලිසිය අනතුර සම්බන්ධයෙන් පරික්ෂන සිදුකරයි.    



අදහස් (0)

බුද්ධංගලදී සිඳුවූ අනතුරකින් (60) හැවරදි කාන්තාවක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 196 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 376 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 384 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site