(දසුන් රාජපක්ෂ)
නීතිවිරෝධීව බීඩිකොළ කිලෝ 47ක් සන්තකයේ තබාගෙන සිටි යාපනය ගුරුනගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අද (25) අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනය නගරයේ සැකකටයුතු ලෙස සැරිසැරූ පුද්ගලයකුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගත් තොරතුරක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ගුරුනගර් ප්‍රදේශයේ ඔහුට අයත් නිවසක සූක්ෂම ලෙස අසුරා තිබූ මෙම බීඩිකොළ තොගය සොයාගැනීමට හැකිවී තිබේ.
බීඩිකොළ සොයා කළ මෙහෙයුමට නාවික හමුදා නිලධාරීන්ගේ ද සහය ලබාගෙන ඇත.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරු යාපනය පොලිසියට බාරදීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
259
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බීඩිකොළ කිලෝ 47ක් ළඟ තබාගෙන සිටි අයෙක් අත්අඩංගුවට