(රංජිත් රාජපක්ෂ)
බගවන්තලාව ප්‍රදේශයේ වතු නිවාස 50 ක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම ප්‍රජා සවිබල ගැන්වීමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) සිදුකෙරිණි.
ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යයංශය මගින් එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 10 ක ප්‍රතිපාදන වෙන්කර ඇති අතර සෑම නිවසක්ම පර්චස් 7 ක ඉඩමක තනි නිවාස වශයෙන් ඉදිකිරීමට නියමිතය.
විසිත්ත කාමරයක් , නිදන කාමර දෙකක් , මුළුතැන්ගෙයක් , සනීපාරක්ෂක පද්ධතියක් ඇතුළු වර්ග අඩි 750 කින් සමන්විත සෑම නිවසකටම විදුලිය , පානිය ජලය ඇතුළු අංග සම්පූර්ණ නිවාස යෝජනා ක්‍රමයක් ලෙස ඉදි කිරීමට නියමිතය.
නව නිවාස ඉදි කිරීමෙන් පසු නිවස හිමි වතු කම්කරුවන්ට නිරවුල් ඔප්පුවක් ද ලබාදෙන බව ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd