(ඩී.ජී.සුගතපාල ,සුමතිපාල දියගහගේ)
රත්ගම රත්නඋදාගමදි පසුගිය 23 වනදින පැහැරගෙන ගිය පුද්ගලයින් දෙදෙනා සොයාදෙන ලෙස ඉල්ලමින් ඔවුන්ගේ ඥාතින් ඇතුලු ගම්වාසින් විසින් අද (26) දහවල් රත්ගමදී විරෝධතාවක් පවත්වන ලදී.
මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ රත්ගම රත්නෝදාගම පදිංචි 33හැවිරිදි ව්‍යාපාරිකයෙකු සහ 30 හැවිරිදි ධිවරයෙකි.
පසුගිය 23 දින උදැසන 9.30ට පමණ සුදුපැහැති මෝටර් රථයකින් සහ නිල්පැහැති වෑන් රථයකින් පැමිණි පොලිස් ඇඳුමට සමාන ඇඳුම් ඇඳගත් පිරිසක් ගිනි අවි අතැතිව පැමිණ මෙම දෙදෙනා පැහැර ගෙන ගොස් ඇති බවට ඔවුන්ගේ ඥාතින් විසින් රත්ගම පොලිසියට පැමිණිලි කර තිබිණි.
පැහැරගෙන ගොස් ඇති දෙදෙනාගේ ඡායාරූපද ප්‍රදර්ශනය කරමින් විරෝධතාකරුවන් කොළඹ මාතර ප්‍රධාන මාර්ගය අවහිර කිරිම නිසා ගමනාගමනයටද බාධා පැමිණ තිබින.
පසුව එම ස්ථානයට පැමිණි ගාල්ල සහකාර පොලිස් අධිකාරි සතිස් ගමගේ මහතා මෙම සිද්ධිය සම්බන්ධ පරික්ෂණ කටයුතු රත්ගම පොලිසියෙන් ගාල්ලට ගත් බවත් මේ පිළිබඳව සතියක් ඇතුළත තොරතුරක් ලබාදෙන බවත් පැවසිමෙන් පසු විරෝධතාකරුවෝ විසිර ගියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd