(ක.ග.කරුණාරත්න)
විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ එයට යොදන ජීව උණ්ඩ 12ක් පොලොන්නරුව, කදුරුවෙල මානික්කම්පට්ටිය ප‍්‍රදේශයේ පරණ යකඩ බඩු එකතු කරන පුද්ගලයකු ළඟ තිබී අද(22) සවස අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලීසිය කියයි.
ගංවතුරේ ගසාගෙනආ ප්ලාස්ටික් අසුරනයක තිබී මෙම පිස්තෝලය සහ උණ්ඩ තමන්ට හමුවු බවට එම පුද්ගලයා පොලීසියට දැනුම්දී තිබූ බව විමර්ශන සිදු කරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
විෂ්කම්භය සහිත ප්ලාස්ටික් බටයක් තුළ ඉතාමත් සුරක්ෂිතව තැන්පත් කර තිබූ බව කියන 9 එම්.එම් බ‍්‍රවුනින් වර්ගයේ පිස්තෝලය සහ උණ්ඩ තොගය කිසිවෙකු විසින් සඟවා තිබියදී ගංවතුරට හසුවී ගසාගෙන ආවේද යන්න පොලීසිය සැක පහළ කරයි.
එසේනමුත් පිස්තෝලය සන්තකයේ තබාගෙන සිටි තැනැත්තා සැකපිට අත් අඩංගුවට ගෙන ඉදිරි විමර්ශණ කටයුතු සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd