(ඉන්දික අරුණ කුමාර)
මාතලේ දිස්ත‍්‍රික්කයේ පැවැති අයහපත් කාලගුණික තත්ත්වය තුළ වුවද සිය තක්කාලි වගාවන් සාර්ථකව කිරිමට පල්ලේපොල ගොවිහු සමත් වී සිටිති.
පැවැති වර්ෂා හා නියං කාලයට ඔරොත්තු දෙමින් සිය වගවන් සාර්ථක කරගැනීමට හැකිවු බව යටවත්ත හා පල්ලේපොල තක්කාලි ගොවිහු පවසති.
අක්කර ගණන් මෙවර විවිධ වර්ගයේ එළවළු වගා කිරීමට හැකිවු බවත් තමන් හොඳ අස්වැන්නක් අපේක්ෂා කරන බවත් ඔවුහු පවසති.
නියං සමයේ ජලය කළමනාකරණය හා නිසි පරිදි පලිබෝධ පාලනය මෙන්ම විධිමත් අයුරින් සිදු කළ නඩත්තු කටයුතු හේතුවෙන් සිය වගාවන් සාර්ථක වූ බව ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.