IMG-LOGO

2025 නොවැම්බර් මස 29 වන සෙනසුරාදා


පලායෑමට තැත් කළ සැකකරුට වෙඩිතබා අල්ලයි

(ගල්කිරියාගම කුෂාන් ජයවර්ධන)

අධිකරණයේ කටයුතු නිමවීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පැන යාමට තැත්කරමින් කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවේ සිවිලිමට නැග සිටි සැකකරුවකු වෙඩිතබා මෙල්ලකර අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර බන්ධනාගාර නිලධාරීහු ඊයේ (11) රාත්‍රීයේ කටයුතු කළහ.

අනුරාධපුර බන්ධනාගාර නිලධාරින් විසින් පැය 4කට ආසන්න කාලයක් එම මෙහෙයුම දියත් කළ අතර කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරින්ගේ සහය ද ඊට ලැබී තිබිණි.

මෙලෙස අධිකරණ ශාලාවේ සිරකුටියෙන් පැනයාමට උත්සාහ කර ඇත්තේ අධිකරණයේ විවෘත වරෙන්තුවක් මත ගල්කිරියාගම පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඊයේ 11 කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ සැකකරුවෙකි.

අධිකරණයේ පැවැති නඩුකටයුතු නිමාවීමෙන් පසුව බන්ධනාගාර ගතකිරීමට නියමිතව අධිකරණ ශාලාවේ සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවන් අනුරාධපුර බන්ධනාගාරය වෙත රැගෙන යාමට බන්ධනාගාර නිලධාරින් කටයුතු කරමින් සිටි අවස්ථාවේ සැකකරු මෙලෙස පලායාමට උත්සහ දරා තිබිණ. එම සැකකරු මීට පෙර අවස්ථාවකදීද බන්ධනාගාරගතව සිටියදී බන්ධනාගාරයෙන් ද පැන ගොස් ඇති අයෙකු බවත් පොලිසිය කියයි.

බන්ධනාගාර නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් සැකකරු බන්ධනාගාර විශේෂ බස් රථයකින් කඩිනමින් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත අතුළත් කිරීමට ද බන්ධනාගාර නිලධාරීහු කටයුතු කළහ.

පොලිසිය පවසන්නේ මෙලෙස බන්ධනාගාර නිලධාරීන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇත්තේ නිවාස බිඳුම් ඇතුලු චෝදනා එල්ලවී ඇති ගලේවෙල යටිගල්පොත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි.



අදහස් (0)

පලායෑමට තැත් කළ සැකකරුට වෙඩිතබා අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 188 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 253 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1144 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site