IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පොලොන්නරු පුරපති පුටුව ශ්‍රීලනිපයට


                                       
ක.ග කරුණාරත්න
 
පොලොන්නරුව මහනගර සභාවේ ප්‍රථම නගරාධිපති ධූරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චානක සිදත් රණසිංහ මහතා අද (3)  ඡන්ද 6 ක් ලබා ගනිමින් නගරාධිපතිවරයා ලෙස තේරීපත්විය.

නගරාධිපති අපේක්ෂකයා ලෙස තරග වැදුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හේමන්ත හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයාට හිමිවූයේ ඡන්ද 3 ක් පමණි.

පොලොන්නරුව මහ නගර සභාවේ උප නගරාධිපති ධූරය එක්සත් ජාතික පක්ෂයේ එම්.අයි.එම් අර්ෆා මහතා තේරීපත් වු අතර ඔහුට ඡන්ද 7 ක් හිමිවිය.

පොලොන්නරුව මහ නගර සභාවේ මුළු සභික සංඛ්‍යාව 11ක් වේ. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී මහ නගර සභාවේ වැඩිම මන්ත්‍රී ධූර සංඛ්‍යාව වන මන්ත්‍රී ධුර 05 ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි වූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 3 ක් ද, එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධූර 2 ක් සහ ජනතා විමුක්ති පෙරමුණට එක් මන්ත්‍රී ධූරයක් ද හිමිවිය.

පොලොන්නරුව මහනගර සභාවේ නගරාධිපතිවරයා සහ උප නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ මංගල සැසිවාරය පොලොන්නරුව ප්‍රාදේශීය සභාවේ දී අද (3) උතුරු මැද පළාත් පාලන කොමසාරිස් එම්. කොඩිප්පිලිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා මෙම අවස්ථාවට පැමිණ සිටියේ නැත. 



අදහස් (0)

පොලොන්නරු පුරපති පුටුව ශ්‍රීලනිපයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 517 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site