මහනුවර වත්තේගම මාර්ගයේ පොල්ගොල්ල දොරගමුව හන්දිය අසලදී   වෑන් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී සිදු වූ රිය අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

මහනුවර දෙස සිට වත්තේගම දෙසට ධාවනය වූ  යතුරු පැදිය වත්තේගම දෙස සිට මහනුවර දෙසට ගමන් කළ වෑන් රියේ ගැටී මෙම අනතුර සිදුව අති බව පොලීසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ පොල්ගොල්ල  ප්‍රදේශයේ පදිංචි කවිසේකර මුදියන්සේලාගේ  චමීර මිලාන් විජේසේකර නැමැති 20 හැවිරිදි තරුණයෙකු සහ අඹතැන්න කළුවානේ පදිංචි රන්හවඩි ගෙදර මධුසංක ප්‍රියන්ත කුමාර නැමැති 24 හවිරිදි තරුණෙයකි .