IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පරිභෝජනයට නුසුදුසු ආහාර සොයා හාලිඇල නගරයේ මෙහෙයුමක්

(හාලිඇල- විජේරත්න රත්නායක)
 
එළඹෙන නව වසර ඉලක්ක කරගෙන මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙන්ඳන් සොයා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද (28) හාලිඇල නගරයේ හදිසි මෙහෙයුමක් සිදුකළහ.
 
මෙහිදී කල් ඉකුත් වූ ආහාර, මීයන් වැනි සතුන් විසින් හානිකරන ලද ආහාර ඇතුළු මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම පිළිබඳවත් අදාළ තොරතුරු සඳහන් නොවූ ලේබල් සහිත ආහාර අලෙවිය හා මස් හා මාළු සමඟ අයිස්ක්‍රීම් වැනි ආහාර ශීතකරණ තුළ එකට ගබඩා කිරීම වැනි වැරදි පිළිබඳවත් පරීක්ෂා කෙරිණි.
 
හාලිඇල බණ්ඩාරවෙල මාර්ගයේ සහ හාලිඇල වැලිමඩ මාර්ගයේ පිහිටි වෙළඳසැල් 37 ක් පමණ මෙහිදී පරීක්ෂාවට ලක්කෙරිණි. එහිදී වැරදි සම්බන්ධයෙන් වෙළෙන්ඳන් සිවු දෙනෙකුට එරෙහිව නඩු පැවරීමටත්, අත්අඩංගුවට ගනු ලැබූ පරිභෝජනයට නුසුදුසු ආහාර තොගයක් විනාශ කිරීමටත් කටයුතු කරනු ලැබීය.
 
තවත් වෙළෙන්ඳන් 09 දෙනෙකුට අදාළ වැරදි නිවැරදි කරගන්නා ලෙස අවවාද කිරීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පියවර ගත්හ.



අදහස් (0)

පරිභෝජනයට නුසුදුසු ආහාර සොයා හාලිඇල නගරයේ මෙහෙයුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site