IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ 8 කට නඩු


 
ජුඩ් සමන්ත

උත්සව සමයේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම සඳහා ළඟ තබා ගෙන සිටි හලාවත නගරයේ ව්‍යාපාරිකයින් 8 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබේ.

ව්‍යාපාරිකයින් 25 දෙනෙකුට වැඩි ප්‍රමාණයකට අවවාද කර  ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසයි.
ඊයේ (10) දවස පුරා සිදු කරන ලද මෙහෙයුම පසුව මොවුනට නඩු පවරා ඇත.

සුපිරි වෙළඳසල්,අවන්හල්,සිල්ලර අලෙවිසල් සහ කුඩා ප්‍රමාණයේ හෝටල් 80 කට වැඩි ප්‍රමාණයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාවට ලක් කර ඇත.

එහිදී ව්‍යාපාරික ස්ථාන 15 ක තිබූ මිනිස් පරිභෝජනයට නුදුසුදු ආහාර තම බාරයට ගෙන විනාශ කිරීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.

කල් ඉකුත් වූ ඇසුරුම් කරන ලද ආහාර අලෙවිය සඳහා ළඟ තබා ගෙන සිටීම, කෘමී සතුන්ට සහ දුහුවිල්ලට නිරාවරණය වන පරිදි ආහාර අසුරා තබා ගෙන සිටීම,විවිධ ලේබල් අඩුපාඩු සහිත ආහාර අලෙවිය සඳහා ගබඩා කර තබා ගෙන සිටීම,ඇතුළු චෝදනාවන් යටතේ අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයින්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇත.



අදහස් (0)

පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ 8 කට නඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 205 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site