ඩී.ජී.සුගතපාල
මෙවර යල කන්නයේදි අලුතෙන් අස් වැද්දිමට සූදානම්කර ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු හෙක්ටයාර 5314ක් සඳහා රසායනික පොහොර සමග කාබනික පොහොරද සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දිමට පියවර ගෙන ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.
ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ එම්.ඩී.ඒ. දීගොඩ ගමගේ මහතා පැවසුවේ 2020 යල කන්නය සඳහා වගා කිරිමට හෙක්ටයාර 5549ක ඉලක්කයක් තිබෙන අතර පුරන් කුඹුරු සහ පසුගිය කන්න කිහිපයක් වගා නොකල කුඹුරු හෙක්ටයාර 5314ක් ද වගා කිරිමට සූදානම් කර තිබෙන බවය.
එම කුඹුරු හෙක්ටයාර 5314 සඳහා සියයට හැත්තෑවක රසායනික පොහොර සමග සියයට තිහක කාබනික පොහොරද නොමිලේ ලබා දෙන බවත් එසේ නොමිලේ ලබා දෙන්නේ දකුණු පළාතේ පළමුවෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ බවත් ඒ මහතා පැවසිය.
2025 දෙසැම්බර් මස 04
28
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
337
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පුරන් කුඹුරු අස්වද්දන්න නොමිලේ පොහොර
SL Thursday, 14 May 2020 06:31 AM
මේ වෙනකොට කාබනික පොහොර අපට ලැබිල නැහැ. මිනිස්සුන්ගේ උනන්දුව තියෙන්නෙත් රසායනික පොහොරම ගන්න. ගම්වල ඉන්න කෘෂි නිලධාරින් බහුතරයක් දේශපාලන පත්වීම ඔවුන්ගේ රාජකාරිය මොකක්ද කියලවත් දන්නේ නැහැ. බහුතර මිනිස්සු 2000 ක රසායනික පොහොර මිටි ගන්න 1000ක් වියදම් කරගෙන වාහන වලින් යනවා. මුදල් අපතේ යාමක්, ගම්වල ඉන්න කෘෂි නිලධාරීන්ට මෙයිට වැඩිය වැඩක් කරන්න පුළුවන් වෙන්න ඕනේ , ඔවුන් බොරුවට රජයෙන් පඩි ගන්නවා සහ කාබනික පොහොර වලට ගොවියන් යොමුකරන ක්‍රමයක් ඉක්මනින් ආයුතුයි. කෘෂිකර්මේ ඉන්න ,රසායනික පොහොර සමාගම්වල පිහිටෙන් රට සවාරි යන උන් තමයි මේවා වළක්වන්නේ.