(අමදෝරු අමරජීව)
ත්‍රිකුණාමලයේ සිට මුලතිව් දක්වා ධාවනය වු කුඩා ලොරි රථයක් අද (17) පුල්මුඩේ පොලිස් වසමට අයත් යාංඔය පාලම අසළදි පරික්ෂා කිරිමේදි ජෙලට්නයිට් නැමැති පුපුරණ ද්‍රව්‍ය කූරූ 190ක් හා පිපිරවිමට යොදා ගන්නා අඩි 35ක් දිග සේවා නුලක් සමඟ එහි රියදුරු අත්අඩංගුවට ගැනිමට විශේෂ කාර්යබලකායේ පුල්මුඩේ කදවුරේ නිලධාරිහු සමත් වුහ.
නාවික හමුදාවේ නිලාවේලි විජයබා කදවුරේ නිලධාරින් ලබාදුන් තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකායේ කලාප භාර අණදෙන නිලධාරි පොලිස් අධිකාරි රෝහණ කරුණාරත්න මහතාගේ උපදෙස් මහතා මෙම වැටලිම සිදුකර තිබුණි.සැකකරු ඉරෙක්කණ්ඩි නිලාවේලි පදිංචිකරුවෙකි.
සැකකරු පුපුරණ ද්‍රව්‍ය සමග කුඩා ලොරිය වැඩිදුර පරික්ෂණ සදහා පුල්මුඩේ පොලිසියට භාරදි තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd