හේමලතා ඩී හේවගේ
දිවයිනේ ප‍්‍රදේශ රැසකට අද (1) අලුයම සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් පන්නල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප‍්‍රදේශ කිහිපයක් වැසි ජලයෙන් යටවී ඇති බව පන්නල ප‍්‍රාදේශීය ලේකම් සමන්ත වික‍්‍රමරත්න බංණ්ඩාර මහතා පැවසීය.
මේ හේතුවෙන් පන්නල කුලියාපිටිය ප‍්‍රධාන මාර්ගයේ ඇලබඩගම බෝවත්ත මංසන්ධිය සහ බෝපිටිය ප‍්‍රදේශයේ අතුරු මාර්ග කිහිපයක් ජලයෙන් යටවීමත් සමඟ ඉන් ගමනාගමනයට සුඵ වශයෙන් බාධාවන් වූ අතර ඊරියගොල්ල ග‍්‍රාමසේවා වසමට අයත් නිවාස 3 ක් ද හෙන්ඩියගල 01 , ඇලබඩගම බටහිර ග‍්‍රාම සේවා වසමේ නිවාස 15 ක් අර්ධ වශයෙන් ජලයෙන් යටවූ බවත් වික‍්‍රමරත්න බංණ්ඩාර මහතා කීය.
මෙය ජල ගැලීම ගංවතුර තත්වයක් දක්වා වර්ධනය වුවහොත් ඒ සඳහා මුහුණදීමට සියලු නිළධාරීන් දැනුවත් කර සිටින බවත් ජලයෙන් ආපදාවට ලක්වූ පිරිස් වෙත පිසූ ආහාර , පානීය ජලය සහ අවශ්‍ය පහසුකම් ලබාදීමට පියවර ගෙන ඇතිබව වැඩිදුරටත් ලේකම්වරයා පැවසීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පන්නල වැසි ජලයෙන් යටවෙයි