IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පෞද්ගලික තේ කම්හල් 600 ක් වැඩ

(ජේ.කේ.එල් චාමින්ද)                          

කොරෝනා වසංගත තත්වයක් පැවතියද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් පෞද්ගලික තේ කම්හල් 600 ක පමණ මේ වනවිට තේ නිෂ්පාදන කටයුතු කරගෙන යන බව  පෞද්ගලික තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති  චන්දිම වික්‍රමසිංහ මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබාදුන් උපදෙස් හා නීතිමාලාවන්ට අනුකූලව  තේ කම්හල්වල කටයුතු කරගෙන යන බව පවසන තේ කම්හල් හිමියන්ගේ සභාපතිවරයා  පවතින තත්වය යටතේ සේවකයින් සීමාකර කම්හල්වල  කටයුතු කරගෙන යන බවද සඳහන් කළේය. 

තේ වෙන්දෙසිය ප්‍රමාදවීම හේතුවෙන් තේ කම්හල්වලට තේ දළු සපයන දළු හිමියන්ට  අලුත් අවුරුද්දට මුදල් ගෙවීම සඳහා අවශ්‍ය මුදල් තේ මණ්ඩලය මගින් ලබාදුන් බවද  පෞද්ගලික තේ කම්හල් හිමියන්ගේ  සංගමයේ සභාපතිවරයා පැවසීය.

මෙවර තේ වෙන්දෙසිය ඩිජිටල් ක්‍රමය යටතේ පැවැත්වු බවත් තේ කිලෝවක මිල පසුගිය වෙන්දෙසියට වඩා රුපියල් 80කින් පමණ වැඩිවි ඇති බවද සදහන්  කළේය.

 

 

 



අදහස් (0)

පෞද්ගලික තේ කම්හල් 600 ක් වැඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site