IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


පාදුක්කේ සතොස කලාප කළමනාකරු අත්අඩංගුවට

කේ බුද්ධික කුමාරසිරි 
 
පාදුක්ක මීපේ ප‍්‍රදේශයේ සතොස ශාඛාවක පරීක්ෂණ කටයුතු සඳහා පැමිණි සතොස කලාප කළමනාකාරවරයකු එහි මුදල් ලාච්චුවෙන් රුපියල් දහසක් සොරකම් කරන ලදැයි ලද පැමිණිල්ලක් මත එම කලාප කළමනාකාරවරයා සැකපිට අද (11) අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි.
 
මීපේ සතොස ශාඛාවට පැමිණ මුදල් අයකැමිවරයාගේ මුදල් යන්ත‍්‍රය පරීක්ෂා කරන අතරතුර මෙලෙස රුපියල් දහසක් සොරකම් කරන ආකාරය වෙළඳසල් සේවකයකු දැක ඇති බවත් ඒ අනුව එම ශාඛාවේ කළමණාකරු විසින් පාදුක්ක පොලිසියට අදාළ පැමිණිල්ල සිදුකර ඇති බවත් පොලිසිය පවසයි.
 
මෙම සැකකාර කලාප කළමනාකාරවරයා පැමිණ පරීක්ෂණ කටයුතු සිදුකළ ඉකුත් තුන් වැනි දා තම ශාඛාවේ රුපියල් 12000/- ක් අස්ථාන ගත වී තිබූ බැවින් මෙවර පැමිණි අවස්ථාවේදී සේවකයින් විමසිල්ලෙන් සිටි බවත් ඒ අනුව  මෙම සොරකම අල්ලා ගැනීමට හැකි වූ බවද මීපේ සතොස ශාඛා කළමනාකාරවරයා පාදුක්ක පොලිසියට සිදු කළ පැමිණිල්ලේ සඳහන් වන බවද පොලිසිය පවසයි.
 
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සතොස කළාප කළමනාකාරවරයකු ලෙස කටයුතු කළ 41 හැවිරිදි පුද්ගලයකු වන සැකකරු හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 
 
 



අදහස් (0)

පාදුක්කේ සතොස කලාප කළමනාකරු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 107 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 195 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1057 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site