(පුත්තලම - ජුඩ් සමන්ත)
හලාවත නගර සභාවට සදහා තේරී පත්වූ මන්ත්‍රීවරු දෙදෙනෙක් තම පියවරුන් ඉදිරියේ ඉදිරියේ දිවුරුම් දුන්හ.
එක්සත් ජාතික පක්ෂයෙන් හලාවත නගර සභාව සදහා මැල්පුර කොට්ඨාසයට තරග කළ වලිමුනි මැන්දිස් තුෂාන් චතුරංග අබේසේකර ජයග්‍රහණය කළ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්කේර ලැයිස්තුවෙන් නම් කර සිටි ගම්මැද ලියනගේ ජෝෂප් මෙවන් ඩිලාන් පෙරේරාද ජයග්‍රහණය කර තිබිණ.
තුෂාන් අබේසේකර මහතා තම පියා වන පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඩිලාන් පෙරේරා මහතා තම පියා වන හිටපු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මේවත් පවුල් ගස් නේද?
ඇයි මේ තාත්තලාගෙන් පස්සේ පුත්තු ? පවුල්බලය ?