ජුඩ් සමන්ත
තම බිරිඳ සහ සිගිති දරුවා සමඟ දිය නෑමට පුත්තලම “වාන වැවට “ගිය අයෙකු අද (12) දියේ ගිලි මිය ගොස් ඇති බව පුත්තලම පොලිසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ පුත්තලම නව ජනපදය පාරේ පදිංචිව සිටි මොහොමඩ් කාසිම් මොහමඩ් හස්ෆියාන් නැමැති 31 හැවිරිදි එක් දරු පියෙකි.
බිරිඳ දිය නා ගොඩට එනතුරු දරුවා බලා ගෙන සිට ඇති ඔහු අනතුරුව දිය නෑමට ගිය අවස්‍ථාවේ මෙම අනතුර සිදු වී ඇත. අසල්වාසින් දියේ ගිලි සිටි ඔහු ගොඩට ගෙන පුත්තලම මුලික රෝහල වෙත රැගෙන යන විටත් ඔහු මිය ගොස් සිට බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd