IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පුත්තලමේ කිරි ගොවීන් අමාරුවේ

හිරාන් ප්‍රියංකර ජයසිංහ
 
ප්‍රසිද්ධ කිරිපිටි සමාගමක එළකිරි ලබාදුන් පුත්තලමේ කිරි ගොවීන්ට මාස දෙකකට ආසන්න කාලයක් මුදල් නොගෙවීමෙන් ප්‍රශ්න රැසකට මුහුණ දී ඇති බව මොවුන් පවසයි. 


මෙම තත්ත්වය පුත්තලම දිස්ත්‍රික්කය තුළ මෙම සමාගම දියර එළකිරි ලබාදෙන කිරි ගොවින් 1400 කට ආසන්න ප්‍රමාණයක් දෛනිකව ලබාදෙන බවත් දෛනිකව කිරි ලීටර් 800 කට ආසන්න ප්‍රමාණයක් ලබා දෙන බවට පවසයි.


කෙසේ නමුත් කිරි ගොවින්ට මෙම සමාගම දින 15 කට වරක් කිරි වෙනුවෙන් අදාළ මුදල් ලබාදිම සිදුවන නමුත් දැනට මාස දෙකක සිට දිගින් දිගටම මුදල් ප්‍රමාද කරමින් විවිධ කරුණු දක්වමින් සිටින බව කිරි ගොවිහු පවසති.


 මෙහිදි අදහස් දක්වමින් සිට කිරි ගව ගාල් හිමිකරු සරත් බමුණුආරච්චි මහතා මෙසේ පැවසීය.


 “අපි පුදුම විදිහට අසරණ වෙලා .අපේ කිරි වලට මාස දෙකකට ආසන්න කාලයක් මුදල් ලබා නොදිම නිසා .අපි වෙන රස්සාවල් කරන්නේ නැහැ .ඒ නිසා දවස් 15 කින් කිරි වලට මුදල් ලැබෙන නිසා කිසිම බයක් නැතිවයි උන්නේ නමුත් දැන් වෙන දේ හිතා ගන්න බැහැ යැයි ඔහු පවසයි.


මේ පිළිබඳව මෙම ප්‍රසිද්ධ සමාගමේ වයඹ පළාත් ප්‍රාදේශීය කළමණාකරු වන එන්.අබේකොන් මහතාව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කළද ඔහු දුරකථන ඇමතුමට සම්බන්ධ කර ගැනීමට නොහැකි වු අතර නැවත ඔහුගේ කාර්යාලයට දුරකථනයෙන් ඇමතුවද ප්‍රාදේශීය කළමනාකාරවරයා නොමැති බව පැවසිනි.
 
නමුත් මෙම ප්‍රසිද්ධ කිරිපිටි සමාගමේ නම සඳහන් නොකළ නිලධාරියකු පවසා සිටියේ මේ වන විට මිල්කෝ ආයතනය තුළ පවතින මුල්‍ය ප්‍රශ්නයක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ කිරි ගොවීන්ගේ කලාප 10 තුළින් කලාප කිපයක මෙම තත්වය උග්‍ර වී ඇති බවයි.

එසේම රාජ්‍ය ආයතනයක් මේ ආකාරයෙන් හැසිරිම ලැජ්ජා සහගත බවත් මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ පමණක් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල් ප්‍රමාණයක් කිරි ගොවීන්ට ගෙවීමට ඇති බවද නම සඳහන් නොකළ එම නිළධාරියා පැවසිය. 
  



අදහස් (0)

පුත්තලමේ කිරි ගොවීන් අමාරුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site