(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම රත්මල්යාය ප්‍රදේශයේදී අද ( 8) රාත්‍රීයේ සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ දෙදෙනෙකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ තිල්අඩිය අර්ෆා නගර්හි පදිංචි 20 හැවිරිදි තරුණයෙකි.
මරණයට පත් තරුණයා සහ තුවාල ලැබූ තරුණයින් දෙදෙනා පැමිණි ත්‍රී රෝද රථය පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයට දැමීමට යාමේදි වේගයෙන් ගමන් ගත් ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුවී ඇති බව පුත්තලම පොලිසිය පවසයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ තරුණයින් තිදෙනාම පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
එහිදි බරපතල තත්වයේ පසුවූ එක් තරුණයකු මරණයට පත්ව ඇති බවත් බරපතල තත්වයෙන් සිටි අනෙක් තරුණයින් දෙදෙනා පුත්තලම මූලික රෝහලෙන් කොළඹ ජාතික රෝහල වෙත යැවීමට කටයුතු කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු පැවැසීය.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පුත්තලමේ අනතුරකින් අයෙක් මරුට දෙදෙනකුට තුවාල