(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම රත්මල්යාය ප්‍රදේශයේදී අද ( 8) රාත්‍රීයේ සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ දෙදෙනෙකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ තිල්අඩිය අර්ෆා නගර්හි පදිංචි 20 හැවිරිදි තරුණයෙකි.
මරණයට පත් තරුණයා සහ තුවාල ලැබූ තරුණයින් දෙදෙනා පැමිණි ත්‍රී රෝද රථය පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයට දැමීමට යාමේදි වේගයෙන් ගමන් ගත් ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුවී ඇති බව පුත්තලම පොලිසිය පවසයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ තරුණයින් තිදෙනාම පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
එහිදි බරපතල තත්වයේ පසුවූ එක් තරුණයකු මරණයට පත්ව ඇති බවත් බරපතල තත්වයෙන් සිටි අනෙක් තරුණයින් දෙදෙනා පුත්තලම මූලික රෝහලෙන් කොළඹ ජාතික රෝහල වෙත යැවීමට කටයුතු කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd