(නිශාන්ත කුමාර)
තම දරුවා විසින් එල්ල කළ යකඩ පොලු පහරකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයකු අද (2) උදෑසන අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි බදුල්ල පොලීසිය පවසයි.
සිද්ධියෙන් රෝහල් ගතකර ඇත්තේ මීගහකිවුල තල්දෙන ප්‍රදේශයේ වයස අවුරුදු 63 ක පුද්ගලයෙකි.
තම දරුවාට කිසියම් සිද්ධියක් සම්බන්ධයෙන් අවවාද කිරීමට යෑමේදී කුපිත වූ දරුවා නිවසේ තිබූ යකඩ පොල්ලක් රැගෙන ඔහුගේ හිසට පහරදී ඇති ඔහුගේ හිසට බරපතල හානි සිදුව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd