(අරුණ එස් හේරත්)
නිසි උෂ්ණත්වයේ නොතබා ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් 60,000 කට අධික වටිනාකමකින් යුත් යෝගට් සහ අයිස් පැකට් තොගයක් අත්අඩංගුවට ගෙන විනාශ කළ බව පැල්මඩුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
අද (16) සිදුකළ වැටලීමකදී ලෙල්ලෝපිටිය දිප්පිටිගල ප්‍රදේශයේදී ලොරියක ප්‍රවාහනය කරමින් තිබූ මෙම යෝගට් හා අයිස් පැකට් තොගය අත්අඩංගුවට ගෙන ඇත.
යෝගට් බහාලු කප් 1158 අයිස් පැකට් 2250 ක් හා යෝගට් පානය බෝතල් 06 ක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ද්‍රව්‍ය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල පරිශ්‍රයට ගෙන ගොස් අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී සී.එන්. ධනසිංහ මහත්මිය ඉදිරියේදී විනාශ කර තිබේ.


COMMENTS