IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


නොසන්සුතාවක් නිසා වාරියපොල ප්‍රා.ස රැස්විම කල් තබයි

(රවීන්‍ද්‍ර ප‍්‍රභාත් නෙත්තසිංහ)
 
මාසික මහ සභා රැස්වීම අතරතුර ඇතිවූ නොසන්සුන් තත්වයක් හේතුවෙන් වාරියපොල ප‍්‍රාදේශීය සභාවේ සැසිවාරය සැප්තැම්බර් මස 11 දින දක්වා කල් තැබීමට සභාපති ඞී.එම්.ටී.බී. දිසානායක මහතා  අද  (14) පියවර ගත්තේය. 
 
එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීනි එස්.එම්. ධම්මිකා සමරකෝන් මහත්මිය විසින් තමන් අද  සභාවේදී කළ ප‍්‍රකාශයක් සම්බන්ධව එම අවස්ථාවේදීම නිවසේ සිටි තම සැමියාට මරණ තර්ජන එල්ල කරමින් දුරකථන ඇමතුමක් ලැබී ඇති බව දැන්වීමත් සමඟම මෙසේ සභාව කල්තැබිණි. 
 
 තමන් මහ සභාවේ කළ ප‍්‍රකාශයක් පිටස්තර පුද්ගලයෙකු දැනගෙන දුරකථනයෙන් තර්ජනය කරන්නේ කෙසේදැයි මන්ත‍්‍රීතුමිය විමසා සිටියාය. අදාල පැමිණිල්ල තමන් වෙත ලිඛිතව ලබාදෙන ලෙස එම මන්ත‍්‍රීතුමියට දන්වමින් සභාපතිවරයා සභාව කල් තැබීය. 
 
සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි කළ ධම්මිකා සමරකෝන් මහත්මිය ”
 
පසුගියදා අපේ කොට්ඨාසයේ උත්සවයක් තිබුණා. ඒ උත්සවයට වයඹ සංවර්ධන හා අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය එස්.බී. නාවින්න මැතිතුමා, වයඹ පළාත් සභා මන්ත‍්‍රී මංජුල බණ්ඩාර මැතිතුමා ඇතුළු පිරිසක් සහභාගී වුණා. තේ පැන් සංග‍්‍රහය සූදානම් කරලා තිබුණේ ප‍්‍රාදේශීය සභාවේ සේවකයෙකුගේ නිවසක. ඊට පසුදින එම පුද්ගලයා මට කිව්වා ඔහුව සේවය කළ ස්ථානයෙන් වෙනත් තැනකට මාරුකර ඇති බව. මම මේ පිළිබඳව ගරු සභාපතිතුමා දැනුවත් කළා. එතුමා සොයාබලා එසේ සිදුවී නැති බව මා හට දැන්වූවා. මම ඒ පිළිබඳව තමයි සභාවේ කතා කළේ. ඊට සුළු මොහොතකට පස්සෙ මට මගේ මහත්තයා කතා කරලා කිව්වා අර සේවකයා මාරු කිරීමට උත්සහ කරපු පුද්ගලයාම දුරකථනයෙන් මරණ තර්ජන එල්ලකළා කියලා. 
 
මගේ මහත්තයා ක‍්‍රියාන්විත රාජකාරියේ සිටි රණවිරුවෙක් ඔහුට තර්ජනය කළ නිසා. කාන්තා නියෝජනයට සලකන්නේ මෙහෙමෙද මට මේ ගැන සභාවට හරියට කියාගන්න බැරිවුනා. සභාව කල් තැබුවා.  
 
එක්සත් පාතික පක්ෂ මන්ත‍්‍රී ජේ.ඒ.එස්. මායාදුන්න මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. ”මෙලෙස සභාව කල්තැබීම ඉතාමත්ම දීන ක‍්‍රියාවක් වශයෙන් මම දකින්නේ. එය සදාචාරාත්මක නැහැ. ජනතාවගේ ස්වාධිපත්‍ය බලය මෙතන තමයි ප‍්‍රකාශ කරන්න තියෙන්නේ. ඒ අදහස් ප‍්‍රකාශ කරන්න තියෙන අවස්ථාව නැතිකළා. ඒක ද්‍රෝහී ක‍්‍රියාවක්. අපි මේකට මොනයම් ක‍්‍රමයකින් හරි විරෝධය ප‍්‍රකාශ කරනවා.
 
එක්සත් ජනතා සංධානයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරයෙකු වන ජයතිස්ස මාකුඹුර මහතාද මෙසේ අදහස් දැක්වීය. ”
 
අද මන්ත‍්‍රීවරියක් සභාවේ කතාකළ දෙයක් සම්බන්ධව ඒ මොහොතේදීම බාහිර පුද්ගලයෙක් විසින් නිවසේ සිටි එම මන්ත‍්‍රීතුමියගේ ස්වාමිපුරුෂයාට දුරකථනයෙන් මරණ තර්ජන එල්ල කරනවා. මෙහෙම වෙන්නේ කොහොමද අපි ඉතාමත් කණගාටුවෙනවා . අද වාරියපොල ප‍්‍රාදේශීය වැටිලා තියෙන තත්වය පිළිබඳව”
 
 



අදහස් (0)

නොසන්සුතාවක් නිසා වාරියපොල ප්‍රා.ස රැස්විම කල් තබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 289 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 413 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site