රංජිත් රාජපක්‍ෂ
නාවලපිටිය නගර සභාවට අයත් කම්කරු නිවාස පේළියක අද (2) උදෑසන හටගත් ගින්නකින් එම නිවාස පේළියේ තිබු නිවාස දෙකක් ගිනි ගෙන විනාශ වී ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි.
නාවලපිටිය බටහිර වසමේ සොයිසාකැලේ ප‍්‍රදේශයේ පිහිටි මෙම කම්කරු නිවාස පේළියේ මෙම ගින්න හටගෙන තිබේ.
ගින්නෙන් එක් කම්කරු නිවාසයක් සම්පුර්ණ ගිනි ගෙන විනාශ වී ඇති අතර තවත් නිවසකට අර්ධ වශයෙන් අලාභ හානි සිදුවී ඇත.
ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති අතර ගින්නෙන් එක් නිවසක තිබු කම්කරුවෙකුට අයත් පෞද්ගලික බඩු බාහිරාදිය විනාශ වී තිබේ.
නගර සභාව මගින් එම නිවාස නිසි ලෙස නඩත්තු නොකිරිම නිසා නිවස තුළ ඇද ඇති විදුලි රැහැන් වසර ගණනාවක් නඩත්තු නොකිරිම නිසා විදුලි කාන්දුවකින් මෙම ගින්න හටගන්නට ඇතැයි පදිංචිකරුවෝ පවසති.



2025 දෙසැම්බර් මස 30
114
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නාවලපිටිය නගර සභාවේ කම්කරු නිවාස පෙළක ගින්නක්