රෝවන් පෙරේරා
නවගත්තේගම අතුරුපලයාගම ප්‍රදේශයේ ඉඩම්වල වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මායිම් කණු සිටුවීමට විරෝධය පළකරමින් ගම්වාසීන් පිරිසක් අද (23) වන උද්ඝෝෂණයක නිරතවූ බව නවගත්තේගම පොලීසිය පවසයි.
වසර ගණනාවක් වගා කළ ඉඩම් මෙසේ මායිම් කණු යොදා කොටු කිරීම හේතුවෙන් වගා කිරීමට ඉඩම් නොමැති බවත් ගම්මානය ආශ්‍රිතව කැලෑ නිර්මාණය වීමෙන් අලි ගැටලුව උග්‍ර වන බවත් ඔවුහු පැවසූහ.
මේ පිළිබඳව විමසීමේදී පුත්තලම දිසා වන නිලධාරී ඩී. එම්. බී. එම්. බණ්ඩාර මහතා පැවසුවේ ඉඩම් ඔප්පු හිමි සහ පරම්පරාගත හේන් ඉඩම් නිදහස් කරදීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අදාල බලධාරීන්ට යොමුකර ඇති බවත් ඒ පිළිබඳව ඉදිරියේදී පියවර ගන්නා බවත්ය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd