බිබිල ගලඔය ජාතික වන උද්‍යානයට අයත් නිල්ගල ඹෟෂධීය වනයේ බෝවැල්ල ප්‍රදේශයේ මියගොස් සිටි දිවියන් දෙදෙනෙකුගේ මළ සිරුරු අද (31) සොයාගත් බව පොලීසිය කියයි.
වනයේ මියගොස් සිටි ශ්‍රී ලංකාවට ආවේණික (Panthera Pardus kotiya) නමින් හඳුන්වන දිවියන් දෙදෙනාගේ වයස අවුරුදු 2ක් පමණ වෙන බව වන ජීවි නිලධාරීහු කියති.
දිවියන් දෙදෙනා මියගොස් සිටි ස්ථානයේ වස මිශ්‍ර බවට සැකකරන ගව පැටියෙකුගේ මළ සිරුරක් තිබී වන ජීවී නිලධාරීන් සොයාගෙන තිබේ. ඌව මධ්‍යම වනජීවී කළාප භාර වනජීවි පශූ වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.එම් ධර්මකීර්ති මහතා එම ස්ථානයට පැමිණ සිදු කළ පරීක්ෂණයකින් පසු වස මිශ්‍රවී සතුන් මියයන්නට ඇති බවට සැකකරන බව ඔහු පැවසීය.
ප්‍රදේශයේ ගවයින් ඇතුළු සතුන් ආහාරයට ගනිමින් මෙම දිවියන් දෙදෙනා කාලයක සිට වනයේ සැරිසැරු බව ප්‍රදේශවාසීහු කියති. මියගිය දිවියන් දෙදෙනාගේ මළ සිරුරු උඩවලව ඇත් අතුරුසෙවනේ ඇති සත්ත්ව රෝහලට ගෙන ගොස් පරීක්ෂණ කරන බව වන ජීවි නිලධාරීහු පවසති.





2025 දෙසැම්බර් මස 18
88
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
140
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
941
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිල්ගල වනයෙන් මියගිය දිවියන් දෙදෙනකුගේ සිරුරු හමුවෙයි