IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


නියඟයෙන් පුත්තලමේ පුද්ගලයින් 62,528 ක් පීඩාවට

(ජුඩ් සමන්ත)

පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 6ක පවුල් 18,836 ක පුද්ගලයින් 62,528 දෙනෙකු නියඟය හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා ඒකකය සඳහන් කරයි.

නියඟය වැඩි වශයෙන් බලපා ඇත්තේ මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටය. මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 7197 ක පුද්ගලයින් 22,694 දෙනෙකුද , පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 6967 ක පුද්ගලයින් 22,505 දෙනෙකුද , මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 4165 ක පුද්ගලයින් 15,860 ක්ද පීඩාවට පත්ව සිටී.

කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 320 ක පුද්ගලයින් 950 ක්ද , නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 122 ක පුද්ගලයින් 361 දෙනෙකුද , වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 65 ක පුද්ගලයින් 212 ක්ද නියඟය හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව ආපදා සහන සේවා ඒකකය සඳහන් කරයි.

මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතරින් නවගත්තේගම , කරුවලගස්වැව ,  වනාතවිල්ලුව සහ පල්ලම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ජනතාවට පානීය ජලය බෙදා දීම මේ වන විට ආරම්භ කර ඇත.

මුන්දලම සහ මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පානීය ජලය බෙදාදීම ඉදිරි දින කීහිපය තුළ ආරම්භ කිරීමට කටයුතු කරන බව අපදා සහන සේවා ඒකකය සඳහන් කරයි.

මේ අතර නියඟය හේතුවෙන් පීඩාවට පත්වී සිටින පවුල් 45,000 ක් සඳහා වියළි සලාක ලබා දීම සඳහා වූ අනුමැතියද මේ වන විට ඉල්ලා ඇති බව පුත්තලම දිසා ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා ඒකකය සඳහන් කරයි.



අදහස් (0)

නියඟයෙන් පුත්තලමේ පුද්ගලයින් 62,528 ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 439 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2202 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site