(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ නගරයේ නීති විරෝධීව පවත්වාගෙන ගිය වැලි ගබඩාවක් වටලා රුපියල් ලක්ෂයකට ආසන්න වැලි තොගයක් සමඟ පුද්ගලයෙකු අද (25) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
මෙම සැකකරු සමඟ වැලි කියුබ් හතරකට අධික ප්‍රමාණයක් හා වැලි ප්‍රවාහනයට යොදා ගත් ටිපර් රථයක් පොලිසිය භාරයට ගෙන ඇත.
හොරණ පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකළ බව එම බලකායේ උසස් නිලධාරියෙක් පැවසීය.
වැලි ගබඩා කර තබා ගැනීම සඳහා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් නිකුත් කරන බලපත්‍රය ලබා නොගෙන වසර තුනකට අධික කාලයක් නීති විරෝධි අයුරින් වැලි ගබඩාව පත්වාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.
සැකකරු හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට සඳහා හොරණ පොලිසියට වෙත බාර දී ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.