ත්‍රිකුණාමලය, බැක්බේ ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 41 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
මොවුන් සතුව තිබී ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 05 ක්, පිටත දහන යන්ත්‍ර 05 ක්, මීටර් 225 දිගැති තහනම් ධීවර දැල් 05 ක් සහ නීති විරෝධී ලෙස අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 94 ක් ද නාවික හමුදා භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට පත් පුද්ගලයින් අවුරුදු 18 ත් 60 ත් අතර වයස්වල පසුවන ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.
නැගෙනහිර නාවික විධානයට අයත් යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් කළ මුර සංචාරයක් අතරතුරදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් හා ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හරහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.
(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd