( ටී.කේ.ජී.කපිල )
මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස මැලේසියාවට රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (07) කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව රේගු නිලධාරීන් පවසයි.
මොහු 43 හැවිරිදි බේරුවල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි .
අද දහවල් 12.40 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 318 දරණ ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .ඔහු සිය ගමන් මල්ලේ මෙන්ම , සිය සිරුරේ ගුද මාර්ගයේ ද පසිංගල් ,
පච්ච , නිල් මැණික් , දියමන්ති , මරකත සහ පුෂ්පරාග යන වර්ග වල රුපියල් 15,46,510 ක් වටිනා , කැරට් 298 ක් පමණ බර මෙම මැණික් තොගය සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
නීතී විරෝධිව මැලේසියාවට මැණික් ගෙන යන්න හැදු අයෙක් අත්අඩංගුවට