IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


නීතිවිරෝධී දුම්වැටි විකිණු වෙළෙඳසැල් හිමියෙක් අත්අඩංගුවට

( කේ බුද්ධික කුමාරසිරි )
 
තීරු බදු නොගෙවා රැගෙන ආ දුම්වැටි අලෙවියේ නිතරව සිටි වෙළඳසල් හිමියෙකු සහ එම දුම්වැටි බෙදාහැරීමේ නිරතව සිටි පුද්ගලයෙකු නීති විරෝධී බදු නොගෙවූ දුම්වැටි 360 ක් ද සමඟ හෝමාගම ගොඩගම ප‍්‍රදේශයේ  අද (31) සැකපිට අත් අඩංගුවට ගත් බව පාදුක්ක සුරාබදු කාර්යාලය පවසයි
 
හෝමාගම ගොඩගම ප‍්‍රදේශයේ දිවා රාති‍්‍ර කි‍්‍රයාත්මක වෙළඳසලක නිත්‍යනුකූල දුම්වැටි සමගින් මෙලෙස  බදු නොගෙවූ දුම්වැටි ද තබා ගෙන පාරිභෝගිකයින්ට විකුණන බවට පාදුක්ක සුරාබදු කාර්යාලයට ලද තොරතුරක් මත මෙම පරීක්ෂාව සිදු කර ඇත.
 
එලෙස දුම්වැටි විකිණු වෙළදසලෙහි තිබී දුම්වැටි 60 ක් සහ එම වෙළඳසලට දුම්වැටි ලබා දුන් බව කියන පුද්ගලයෙකු ද අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී තවත් දුම්වැටි 300 ක් සොයා ගැනිමට හැකි වූ බවද එම කාර්යාලය පවසයි
 
දුම්වැටි බෙදා හැරීමේදි අත් අඩංගුවට පත් පුද්ගලයා පනාගොඩ ප‍්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන අතරතුර මෙලෙස බදු නොගෙවූ දුම්වැටි රැගෙනවිත් යතුරුපැදියකින් ගොස් වෙළඳසල්වලට අලෙවිකර ඇති බව අනාවරණය වූ බවද එම කාර්යාලය පවසයි.
 
අත් අඩංගුවට ගත් දෙදෙනා දුම්කොල පනත යටතේ නීතිමය කටයුතු සිදු කිරීමට නියමිතය.
 



අදහස් (0)

නීතිවිරෝධී දුම්වැටි විකිණු වෙළෙඳසැල් හිමියෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 168 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 378 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site