(හාලිඇල- විජේරත්න රත්නායක)
නීතිවිරෝධී ලෙස සිය ගෙවත්තේ ගංජා පැල කිහිපයක් වගාකළ පුද්ගලයෙක් අඩියක් පමණ උස්ව වැඩුණු ගංජා පැල හතක්ද සමඟ ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ බදුල්ල ඒකකයේ නිලධාරීන් විසින් අද (10) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ බදුල්ල වේවැස්ස වත්ත කාර්යාල කොටසේ පදිංචි 28 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.
කුලීවැඩ කිරීම සිය ජීවනෝපාය කරගත් සැකකරු අධික ලෙස ගංජා භාවිතයට හුරුවූ අයෙක් බවද ඔහු විසින් සිය ගෙවත්තේ වැඩී තිබූ පුවක් පැල අතර පොලිතීන් පැකට්වල මෙම ගංජා පැල වවා තිබූ බවද පැවසේ.
සැකකරු හා භාණ්ඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර බදුල්ල පොලීසිය ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඉංගිරියේ හමුදාව දාලා ගංජා හිටවන්නේ කොහොමද?