(දසුන් රාජපක්ෂ)
ධීවර පවුල් නගාසිටුවීම සඳහා සහනදායි කොන්දේසි මත පදනම්ව රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 10 දක්වා සීමාවකට යටත් ණය ලබාදීමේ ව්‍යාපෘතියක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් ආරම්භ කරනු ලැබ තිබේ.
කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙන මෙම ණය ව්‍යාපෘතිය මගින් ධීවර ක්ෂේත්‍රය ආශ්‍රිත ගෘහ කර්මාන්තයන් නගාසිටුවීමට අපේක්ෂා කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අද (4) ලංකාදීපයට පැවැසීය.
මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ධීවර සංගම්වල ලියාපදිංචි වී සිටින ධීවර පවුල්වල කාන්තාවන් සඳහා ණය නිකුත් කෙරෙන අතර ණය ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් ඉදිරියේදී ලියාපදිංචි ධීවර සංගම් වෙත දැනුම් දීමට නියමිත බව ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ණය ලබාගැනීමට අයදුම් කරන කාන්තාවන් තමා ලබා ගන්නා ණය මුදල් යොදවා ආරම්භ කිරීමට අපේක්ෂා කරන ස්වයං රැකියාව හෝ වෙනත් ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් ධීවර සංගම් හරහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය දැනුම්වත් කළ යුතු බව ද ඩග්ලස් දේවානන්ද මහතා පවසා සිටියේය .
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය මගින් ප්‍රතිපාදන ලබාදෙන මෙම ණය ව්‍යාපෘතිය හරහා ලියාපදිංචි ධීවර පවුල් 130000කට ණය මුදල් නිකුත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
54
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
347
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
362
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ධීවර පවුල් වලට සහනදායි ණය