(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
බලන්ගොඩ නගරය ආසනයේ ඉත්තෑගල කන්ද ප්‍රදේශයේදී මවක විසින් උණුවතුර වත්කිරීම හේතුවෙන් 14 හැවිරිදි දරුවකු අද(26) තුවාල ලබා ඇතැයි බලන්ගොඩ පොලිසිය කියයි.
කොළඹ ළමා ආරක්ෂක කාර්යංශයට ලැබුණු තොරතුරකට අනුව එම කාර්යංශය බලන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා අංශයට කළ දැනුම් දීමක් මත එම දරුවා පදිංචි නිවසට ගොස් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
එම දරුවාගේ කොන්ද ප්‍රදේශයේ පිලිස්සුම් තුවාල තිබූ බව පොලිසිය කියයි.
දරුවාගේ පියා ජීවතුන් අතර නොමැති අතර පොලිසිය නිවසට යන අවස්ථාවේදී මව එහි සිට නොමැත.
සැකකාර මව අත්අඩංගුවට ගැනීම සඳහා බලන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා අංශය පරීක්ෂණ ආරම්භ කර ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.