(සම්පත් ප්‍රියනන්දන )
බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඔලුගන්තොට ප්‍රදේශයේ දි වයස අවුරුදු එක්කොළහ දැරියක් පැහැරගෙන යැමට තැත් කළ වයස අවුරුදු 17 ක තරුණයයෙකු අද (03) දහවල් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
එම තරුණයා අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වු තරුණයෙක් බව පොලිසිය කියයි. බලන්ගොඩ පදිංචි තරුණයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි. දැරිය බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇත.
සැකකරු හෙට (04) බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd