(ඩී.කේ.රත්න)
වැලිමඩ බෝගහකුඹුර නැදුන්ගමුව ගොන්බැදි වැවේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු අද (30) දියේ ගිලී මියගොස් ඇතැයි බෝගහකුඹුර පොලිසිය පැවසීය.
මෙසේ මියගොස් ඇත්තේ 15 හැවිරිදි බෝගහකුඹුර නැදුන්ගමුව කරගහවෙල පදිංචි තරිඳු සංජිත නැමැති පාසල් සිසුවෙකි.
මියගිය සිසුවාගේ මළ සිරුර බෝගහකුඹුර පොලිසිය හා ප‍්‍රදේශවාසීන් එක්ව ගොඩගෙන තිබේ.
මේ වන විට මියගිය පාසල් සිසුවාගේ මෘත දේහය වැලිමඩ මූලික රෝහලේ තැන්පත් කර ඇති බව බෝගහකුඹුර පොලිසිය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd