(ඩී.ජී.සුගතපාල)
නව හැවිරිදි තම දියණියට දෙවන විවාහයේ බිරිඳ සමඟ එක්ව පහරදි තුවාල සිදුකර අත් පා ගැට ගසා ලිංගාශ්‍රිත ප්‍රදේශයට උණු වතුර දමා බර පතල තුවාල සිදුකර මිනි මැරිමට තැත් කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද දැරියගේ පියා සහ ඔහුගේ දෙවන විවාහයේ බිරිඳ 27 වැනිදින දක්වා රිමාන්ඩ් කරන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය අද (13) නියෝග කළාය.
දැරිය රුපියල් පන් ලක්ෂයක බැඳුම්කරයක් මත මවට භාර දීමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ ඉමදූව ගෝනන්වල පදිංචි මතිස් ප්‍රසන්න නැමැති 34 හැවිරිදි පුද්ගලයෙකු සහ රංජුලා අනුරාධා නැමැති 24 හැවිරිදි කාන්තාවකි.
මෙම සැකකරු සහ සැකකාරිය පසුගිය 31 වනදින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකර තිබිණ.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ සැකකරුගේ පළමු බිරිඳ පවුල් ඇති වූ ආරවුලක් හේතුවෙන් දියණියද රැගෙන ඌරුබොක්ක ප්‍රදේශයේ පිහිටි මහ ගෙදරට ගොස් ඇති අතර පසුව සැකකරු මෙම සැකකාරිය සමඟ විවාහ වී ඇති බවය.
එම විවාහයෙන්ද ඔවුනට ළමයෙකු ලැබි ඇති අතර සැකකරු ඌරුබොක්ක පිහිටි පළමු විවාහයේ බිරිඳගේ නිවසට ගොස් මෙයට මාස කිහිපයකට පෙර දියණිය බලෙන් රැගෙනවිත් ඇති බවත් මේ අතර ඇයගේ මව දියණිය ඉල්ලා සැකකරුට නිතර නිතර දුරකතන ඇමතුම් ලබාදී ඇති බවත් පොලිසිය කියා සිටියේය.
ඒ අනුව දියණිය ගෙන යාමට එන ලෙස මවට කරන ලද දැන්වීමක් අනුව මව ඉකුත් 30 වැනිදා ඉමදුව කෝදාගොඩ හන්දියට පැමිණ සිටියදි සැකකරු දියණිය ත්‍රී රෝද රථයකින් එම ස්ථානයට රගෙනවිත් ඇති බවත් දියණිගේ තත්වය දුටු මව සිහිසුන්ව ඇති බවත් පසුව පොලිසියට දන්වා දැරිය කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවත් රෝහලට ගොස් ලබාගන්නා ලද ප්‍රකාශ අනුව සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගත් බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියේය.
ඇයගේ සිරුරේ කැපුම් තුවාල පහරදීම් තුවාලද පරණ තුවාල කැළැල්ද තිබූ බවත් පොලිසිය අධිකරණයට කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
636
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දියණියට වද හිංසා කළ පියා - කුඩම්මා තවදුරටත් රිමාන්ඩ්
lalithm Friday, 14 February 2020 02:59 AM
ඔය කියන විදියට තාත්ත වෙන්න බැහැ. අර කුඩම්මත් ගැහැණියෙක් වෙන්න බැහැ. නැතිනම් මානසික ලෙඩ්ඩු. හිරේ දමනවාට වඩා හොඳයි දෙන්නම පිස්සන් කොටුවට යවන එක. අපරාදේ මරණීය දණ්ඩනය අපේ රටේ නැති එක.
sharm warn Friday, 14 February 2020 05:27 AM
මෙවැනි සිදුවීම් වලදී බොහෝ වෙලාවට පොලිසියත් තාත්තගේ සහය ට කටයුතු කර ඇති බව අනාවරණය වෙනවා. නිකවැරටියේ සිද්ධියේදීත් ඒ බව පෙනුනා. ඇත්තට ම මේ සතුන් දෙදෙනා මානසික රෝහලට අනිවාර්යයෙන් යවන්න ඕන.