කග කරුණාරත්න
අරලගංවිල පොලිස් වසමට අයත් දිඹුලාගල, ඉහළඇල්ලේවැව ප්‍රදේශයේදී අද (12) අලුයම වන අලියකු පහරදීමෙන් පුද්ගලයකු මිය ගොස් ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.
ඒ සිද්ධියෙන් මියගොස් ඇත්තේ දිඹුලාගල ඉහළඇල්ලේවැව, අංක 186 ලිපිනයේ පදිංචිව සිටි ඒ.ටී.වසන්ත කුමාර නමැති 46 හැවිරිදි අයෙකි.
හෙතෙම අලුයම 5.30 ට පමණ ඉහලඇල්ලේවැව විහාරස්ථානය අසල පිහිටි වාරිඇලට මුහුණ සේදීම සඳහා ගිය අවස්ථාවේදී අලියාගේ පහර කෑමට ලක්වී තිබෙන බව පොලීසිය සිදුකළ මූලික පරීක්ෂණ වලදී හෙළිවී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd