(ටී.කේ.ජී.කපිල )
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු සහ පාකිස්තානු ජාතික ගුවන් මගියකු කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මොවුන් අතරින් පළමුව අත්අඩංගුවට ගෙන ඇත්තේ 55 හැවිරිදි පාකිස්තානු ජාතිකයෙකි.
මෙම තිදෙනාගේම ගමන් මලුවල රුපියල් 40,15,000 ක් වටිනා මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි 73,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 358 ක් සහ තවත් පැකට් 78 ක් සඟවා ගෙන සිටි බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය .
මෙම දුම්වැටි තොගය රාජසන්තක කර මෙම පකිස්තානු ජාතිකයාට රුපියල් 10,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කෙරිණි.
මොවුන් දෙදෙනා නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි සියල්ල රාජසන්තක කර මහනුවර පදිංචි ව්‍යාපාරිකයාට රුපියල් 25,000 ක දඩයක් ද කොළඹ, මෝදර පදිංචි ව්‍යාපාරිකයාට රුපියල් 10,000 ක දඩයක් ද ගෙවන ලෙසද නියෝග කළේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd