(සුමතිපාල දීයගහගේ)
මුහුදුබඩ දුම්රිය හරස් මාර්ගවල පාරේ මාර්ග බාධක දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මේ අනුව දුම්රිය හරස් මාර්ගවලට අලුතෙන් සවිකර ඇති සීනුව සහිත වර්ණ සංඥා පද්ධතිවලට අමතරව එම වර්ණ සංඥා පද්ධති දෙපස හරස් මාර්ගවල පාර ඔසවා මාර්ග බාධකයක් දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
මේ හේතුවෙන් දුම්රිය හරස් මාර්ගවල ධාවනය වන සියලුම රථවාහන එම මාර්ග බාධකය උඩින් යෑමට වාහනවල වේගය අඩු කළ යුතු වේ.
ඒ සමගම දුම්රිය හරස් ගේට්ටුවල වර්ණ සංඥා පද්ධති ක්‍රියාත්මක වන අන්දම අනුව දුම්රියක් ධාවනය වන්නේ ද නැද්ද යන්න එම අවස්ථාවේ පැහැදිලිවම රියදුරන්ට දැන ගැනීමට ද අවස්ථාව ලැබෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මොනවා දැම්මත් රෝද දෙකේ සහ තුනේ කට්ටිය රිංගනවා. විනය හදන්න බැහැනේ ඒ ගොල්ලන්ගේ.