(ජුඩි සමන්ත)
වානාතවිල්ලුව ප්‍රදේශයේ දෙදරු (47) මවක් පැහැර ගෙන විත් ලැගුම්හලකදී අතවරයට ලක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පුද්ගලයකු සොයා පුත්තලම පොලීසිය පරීක්ෂණ අරඹා ඇත.
ස්වාමි පුරුෂයා මිය ගොස් ඇති මෙම කාන්තාව දරුවන් දෙදෙනා සමග තනිවම ජීවත්වී ඇති අතර සිද්ධීය වු දින නිවසේ සිටියදී මෝටර් රථයකින් පැමිණ සැකකරුවන් දෙදෙනා නිවසේ තනිව සිටි තමන්ව පැහැර ගෙන පුත්තලම - රත්මල්යාය ප්‍රදේශයේ ලැගුම්හලකට ගෙන විත් අතවර කළ බව පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.