(සිරංගිකා ලොකුකරවිට)
දකුණු පළාතේ ඖෂධවේදීන් ලෙඩ නිවාඩු දමා වර්ජනයක නිරත වීමෙන් අද (13) දකුණු පළාතේ සියලුම රෝහල්වල ඖෂධ නිකුත් කිරීමේ කටයුතු අඩාල වී තිබිණි.
දකුණු පළාත් ඖෂධවේදීන්ගේ සංගමය පවසන්නේ දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා තම හිතුමනාපය අනුව අත්තනෝමතිකව කටයුතු කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකිරීම සඳහා මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගත් බවයි.
අවිධිමත් ලෙස කරන ලද මාරුවීම් කිහිපයක් අවලංගු කරන ලෙස සහ තුන්වන පන්තියේ රෝහල්වලට ඖෂධවේදීන් පත්කරන ලෙස ඉල්ලා සිටීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මෙලෙස ඔවුහු ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා කිරීමෙන් වැලකී සිටියහ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.