IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


තේ දළු නෙලමින් සිටි වතු කම්කරු පිරිසකට බඹර ප්‍රහාරයක්

(හැටන් රංජිත් රාජපක්ෂ)                    
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට   එල්ල වු බඹර ප්‍රහාරයක් නිසා වතු කම්කරුවන් 20 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි.


බගවන්තලාව පොලිස් වසමට අයත්  ලොයිනොන් වතු යායේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු පිරිසකට මෙම බඹර ප්‍රහාරය එල්ල වි ඇත.


බඹර ප්‍රහාරය එල්ල විමෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් නව දෙනෙකු හා පිරිමින් දෙදෙනෙකු බගවන්තලාව රෝහල වෙත ඇතුලත් කර ඇති අතර , ඉන් වතු කම්කරු කාන්තාවන් තිදෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතර සෙසු අය බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව බගවන්තලාව රෝහලේ වෛද්‍යවරයෙකු කීය.


තේ පඳුරක් මත බැද තිබු බඹර කුඩුවක් තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවකගේ පයට පෑගීමෙන් පසු බඹරුන් ඇවිස්සි තමන්ට පහර දුන් බවයි බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරු කාන්තාවක් පැවසුවාය.


බඹර ප්‍රහාරය පිලිබදව බගවන්තලාව පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

තේ දළු නෙලමින් සිටි වතු කම්කරු පිරිසකට බඹර ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 173 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 240 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1115 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site