IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


තහනම් වල්නාශක අලෙවි කිරීමේ ජාවාරමක් දඹුල්ලේ


(කාංචන කුමාර ආරියදාස)
 
ඉතා රහසිගතව ඉන්දියාවෙන් ගෙන්වන ලද මෙරට තහනම් කර ඇති වල්නාශක පැකට් දඹුල්ල නගරයේ මහා පරිමාණයෙන් අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ගොවි සංවිධාන සහ සිවිල් සංවිධාන අවධාරණය කරයි.


ඉන්දියාවෙන් මුහුදු මගින්  ගෙන්වා මෙම අධි විසැති වල්නාශක පැකට් රුපියල් දහසේ සිට 1500 දක්වා වූ මිල ගණන් යටතේ ඉතා රහසිගතව ගොවිපළවලට ගොස් සහ දඹුල්ල නගරයේ කෘමිනාශක අලෙවිසල්වල රහසිගතව සඟවා ගෙන අලෙවි කරන බව මෙම සංවිධාන අවස්ථා කිහිපයකදීම පලිබෝධනාශක කාර්යාංශයට සහ පොලිසියට දැනුම් දී තිබෙන බව දඹුල්ල තරුණ සංවිධානයේ සභාපති රංජිත් ප්‍රේමසිරි මහතා පැවසීය.


ඉතා උග්‍ර  විස  සහිතව මෙම වල්නාශක අලෙවි කිරීම  ජාවාරමක් ලෙස ක්‍රියාත්මක වන බව තම තරුණ සංවිධානය අවස්ථා ගණනාවකදීම පලිබෝධ නාශක කාර්යාංශය වෙත දුරකථනයෙන් දැනුම්දී ඇතැයි හෙතෙම සඳහන් කළේය.


ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීම මත දඹුල්ල පොලීසිය සහ පළිබෝධ නාශක කාර්යංශයේ නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මීටර් දෙසීයක් පමණ දුරින් මාතලේ මාර්ගයේ   පිහිටි කෘමිනාශක අලෙවිසලක සඟවා තිබූ  නීතිවිරෝධී වල්නාශක පැකට් 116ක් සහ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
 



අදහස් (0)

තහනම් වල්නාශක අලෙවි කිරීමේ ජාවාරමක් දඹුල්ලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 259 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 79 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site